ඡායා චන්ද්‍රග්‍රහණය අද
Friday, 10 January 2020 - 7:41 | Views - 1,125
අදට යෙදී ඇති දුරුතු පොහොය දිනයේදී ඡායා චන්ද්‍රග්‍රහණයක් සිදුවන බව තාරකා විද්‍යාඥයන් පවසනවා.
වසරේ මුල්ම චන්ද්‍රග්‍රහණය මෙන්ම 2020 දශකයේ ප්‍රථම චන්ද්‍රග්‍රහණයද මෙයයි.
අද රාත්‍රී 10.47 ට ඇරඹෙන චන්ද්‍රග්‍රහණය 11 වන හෙට අලූයම අවසන් වන අතර, එහි උච්චතම අවස්ථාව අද රාත්‍රී 12.40 ට එළැඹෙන බවයි ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානයේ පර්යේෂණ විද්‍යාඥ ජනක අඩස්සූරිය සඳහන් කළේ.
නාසා ආයතනය මෙම චන්ද්‍රග්‍රහණය හඳුන්වා ඇත්තේ වෘක චන්ද්‍රග්‍රහණය ලෙසයි.
චන්ද්‍රයා සහ සූර්යයා අතරින් පෘථිවිය ගමන් කරන විට සඳට පතිත වන හිරු එළිය මුවාවීම චන්ද්‍රග්‍රහණයක් ලෙස හැදින්වෙනවා.
මේ වසරේ තවත් චන්ද්‍රග්‍රහණ 03 ක් යෙදී ඇති අතර ඒවා ජුනි 5, ජූලි 5 සහ නොවැම්බර් 30 යන දිනවල දිස්වනු ඇති.
Share This Article