උතුම් දුරුතු පෝය අදයි
Friday, 10 January 2020 - 7:29 | Views - 600
බුදුපියාණන් වහන්සේගේ ප්‍රථම ලංකාගමනය සිදුවූ දුරුතු පුර පසළොස්වක පොහෝ දිනය අදයි.
බුදුරාජාණන් වහන්සේ බුද්ධත්වයෙන් 9 වෙනි මාසයේදී මෙරටට වැඩම කළේ මහියංගනයටයි.
ඒ එවක මෙරට විසූ යක්ෂ සහ නාග ගෝත්‍ර අතර, ඇතිවන්නට ගිය දරුණු සටනක් නැවැත්වීම සඳහායි.
සවනක් රැස් විහිදුවා එම පිරිස දමනය කල භාග්‍යවතුන් වහන්සේ ඔවුන්ව දහම් දෙසා යහමඟට යොමු කළා.
බෞද්ධ ශාසන ඉතිහාසයේ දැක්වෙන්නේ එම අවස්ථාවේ බුදුන් වහන්සේගෙන් ධර්මය අසා සුමන සමන් දෙවියන්ද සෝවාන් ඵලයට පත්වූ බවයි.
Share This Article