සෙල්ලම් පිස්තෝලයක් නිසා මාස නවය හමාරක් සිරගතවූ පුද්ගලයෙක්
Thursday, 09 January 2020 - 21:24 | Views - 448
සෙල්ලම් පිස්තෝලයක් ළඟ තබා ගැනීම නිසා මාස නමය හමාරක කාලයක් රක්ෂිත බන්ධනාගාර ගතව සිටි පුද්ගලයකු පිළිබඳ තොරතුරක් අපට හිඟුරක්ගොඩ, කවුඩුල්ල ප්රදේශයන් වාර්තා වුණා.
හිඟුරක්ගොඩ පොලිස් බල ප්රදේශයට අයත් කවුඩුල්ල - යටියල්පතාන ප්රදේශයේ පදිංචි දෙදරු පියකු වන ප්රසාද් පද්මකුමාර සහ ඔහුගේ බිරිඳ අතර පසුගිය පෙබරවාරි මාසයේ අඩදබරයක් ඇතිවී තිබුණා.
ඒ බව දුටු අසල්වැසියෙක් පොලිස් හදිසි ඇමතුම් ඒකකයට ඇමතුමක් ලබා දී ප්රකාශ කර තිබුණේ මෙම නිවසේ ආරවුලක් සිදුව ඇති බවත්ල නිවසේ ස්වයංක්රීය පිස්තෝලයක් ද තිබෙන බවයි.
කෙසේ වෙතත් පසුගිය වසරේ නොවැම්බර් මස 27 වන දා නිකුත් කළ රස පරීක්ෂක වාර්තාවේ සඳහන් වී තිබුණේ එය සෙල්ලම් පිස්තෝලයක් ලෙසයි.
Share This Article