අධිකරණය, රන්ජන්ගේ් හඬ පට සහ දත්ත පිළිබඳ රස පරීක්ෂක වාර්තාවක් කැඳවයි
Thursday, 09 January 2020 - 19:48 | Views - 661
පාර්ලිමේන්තු මන්ත්රී රන්ජන් රාමනායකගේ නිවස පරීක්ෂා කිරීමේදී හමුවූ දුරකතන සංවාද ඇතුළත් සංයුක්ත තැටි සහ පරිගණක දත්ත පිළිබඳ රස පරීක්ෂක වාර්තාවක් කැඳවා තිබෙනවා.
නුගේගොඩ මහේස්ත්රාත් අධිකරණය අදාළ වාර්තාව කැඳවූයේ කොළඹ අපරාධ කොට්ඨාශය සිදුකළ ඉල්ලීමකට අනුවයි.
ඒ අනුව රන්ජන් රාමනායක මන්ත්රීවරයාගේ නිවසෙන් හමුවූ සංයුක්ත තැටි මෙන්ම ලැප්ටොප් පරිගණක සහ දෘඩ තැටිවල දත්ත පිළිබඳ වාර්තාවක් රස පරීක්ෂකවරයා විසින් කොළඹ අපරාධ කොට්ඨාශය වෙත ලබාදිය යුතු වනවා.
නුගේගොඩ අතිරේක මහේස්ත්රාත් එච්.යූ.කේ. පැල්පොල විසින් අද මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.
Share This Article