ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන්නැයි විෂය භාර ඇමතිගෙන් විදුලිබල මණ්ඩලයට උපදෙස්
Thursday, 09 January 2020 - 19:12 | Views - 1,649
දැනට ජලාශවල පවතින ජලය විදුලිය නිෂ්පාදනයේදී අරපිරිමැස්මෙන් යුතුව භාවිත කරන ලෙසට විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර ලංකා විදුලිබල මණ්ඩලයට උපදෙස් ලබාදී තිබෙනවා.
මාර්තු මස අවසන් වනවිට ඇතිවිය හැකි වියළි කාලගුණයත් සමග ජල මට්ටම සීඝ්‍රයෙන් අඩුවිය හැකි නිසා මේ වනවිට උපරිම ධාරිතාවයෙන් ජල විදුලිය නිපදවීම කෙරෙන ජලාශවල ජලය අරපිරිමැස්මෙන් යුතුව භාවිත කරන ලෙසටයි උපදෙස් දී ඇත්තේ.
Share This Article