අත්අඩංගුවට ගත් මාතලේ නගරාධිපති ඩල්ජිත් අලූවිහාරේට ඇප
Thursday, 09 January 2020 - 19:12 | Views - 451
මාතලේ මහානගර සභාවේ එක්සත් ජාතික පක්ෂ නාගරික මන්ත්‍රීවරයෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් නගරාධිපති ඩල්ජිත් අළුවිහාරේ සහ ඔහුගේ රියදුරු ඇප මත මුදා හැර තිබෙනවා.

ඒ, ඔවුන් අද මාතලේ මහේස්ත්‍රාත් ඉන්දික අත්තනායක හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

එහිදී මහේස්ත්‍රාත්වරයා, එක් අයෙකුට රුපියල් ලක්ෂ 2 ක බැගින් වූ ශරීර ඇප මත හැරීමටයි නියෝග කර ඇත්තේ.

එක්සත් ජාතික පක්ෂය බලය හොබවන මාතලේ මහ නගර සභාවේ අයවැය අවස්ථා දෙකකදි පරාජයට පත්වූ අතර, ඊයේ දෙවන වර අයවැය කැඳවූ අවස්ථාවේ ඊට ජන්දය දීමට නොපැමිණි බව පවසමිනුයි එම පක්ෂයේම මෙම නාගරික මන්ත්‍රීවරයාට මොහු පහර දී තිබුණේ.

ඒ අනුව, නගරාධිපති ඩල්ජිත් අලූවිහාරේ සහ ඔහුගේ රියදුරු අද උදෑසන පොලීසිය අත්අඩංගුවට ගෙන තිබුණා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top