ජනතා අවශ්‍යතා හඳුනාගෙන පොරොන්දු ඉටු කිරීමට උපරිමයෙන් කැපවන බව ජනපති කියයි
Thursday, 09 January 2020 - 19:11 | Views - 483
ජනතාවට අවශ්‍ය වූයේ වැරදි මාවතක ගමන් ගත් රට නිවැරදි කිරීමේ නායකත්වයක් මිස ගෝඨාභය රාජපක්ෂ කෙනෙකු නොවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසනවා.

එබැවින් ජනතා අවශ්‍යතා හඳුනා ගනිමින් පොරොන්දු ඉටු කිරීමට හැකි උපරිමයෙන් කැපවන බවයි ජනාධිපතිවරයා කියාසිටියේ.

ඔහු මෙම අදහස් පළකළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තරුණ සම්මේලනය අද පෙරවරුවේ අමතමින්.

වැරදි මාවතක ගිය රට නිවැරදි දිශාවට යොමු කිරීමේ පරිවර්තනයට දායක වූ තරුණ පරපුරට ජනාධිපතිවරයා මෙහිදී සිය කෘතඥතාව පළකළා.

තරුණයාගේ මෙන්ම සමස්ත ජනතාවගේ සිතුම් පැතුම් සහ අවශ්‍යතා පිළිබඳ මනා අවබෝධයකින් කටයුතු කිරීමට තම රජය  හැකි උපරිමයෙන් ක්‍රියා කරන බව ද ගෝඨාභය රාජපක්ෂ මහතා කියාසිටියා.

තමා ජනාධිපති ධුරයට පත් කළා සේම තම ප්‍රතිපත්ති ජනතාව වෙනුවෙන් ඉදිරියට ගෙන යාමට තරුණ සහය අපේක්ෂා කරන බවයි ඔහු පෙන්වා දුන්නේ.

ගතවූ වසර 5ක කාලයේදී රටේ ආර්තිකය මෙන්ම රාජ්‍ය ආයතන සියල්ල බිඳවැටී තිබු අතර ආර්ථිකය ශක්තිමත් කර ලාබ ලබන ඉහළ කාර්යක්ෂමතාවක් සහිත රාජ්‍ය ආයතන පද්ධතියක් ගොඩනගන බවට ද ජනාධිපතිවරයා සහතික වුනා.

ඔහු මෙහිදී සඳහන් කළේ දියුණු රටවල් ආදර්ශයට ගනිමින් වයස අවුරුදු 20ක් වන විට විශ්ව විද්‍යාලයෙන් තරුණ තරුණියන් රැකියා සඳහා යොමු විය යුතු බවයි.

විශ්ව විද්‍යාලවලට බඳවා ගැනීමේදී මෙන්ම නවක වදයහේතුවෙන් සිදුවන හානිය පිටුදැකීමට කාලය එළඹ ඇතැයි ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කළා.

විවිධ අසත්‍ය ප්‍රචාරයන්ට හසුවී තම තරුණ කාලය නාස්ති කර නොගන්නා ලෙසට ද ජනාධිපතිවරයා තරුණ පිරිසගෙන් ඉල්ලා සිටියා.

පින්සල, උදැල්ල, නගුල අතට ගත් තරුණ පරපුර රට ගොඩනැගීමට ඉදිරියට පැමිණ ඇති බවයි තරුණ සම්මේලනයට එක්වූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සඳහන් කළේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top