මාවනැල්ල ප්රදේශයේ බුදු පිළිමවලට හානි කළ සැකකරුවන් 29 දෙනා යළි රිමාන්ඩ්
Thursday, 09 January 2020 - 16:47 | Views - 381
මාවනැල්ල නගරය සහ ඒ අවට ප්රදේශවල බුදුපිළිම වලට හානි කිරීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සැකකරුවන් 29 දෙනා මේ මස 23 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ඒ ඊට අදාළ නඩුව අද මාවනැල්ල වැඩබලන මහේස්ත්රාත් රූපිකා සමරසේකර හමුවේ කැඳවූ අවස්ථාවේදීයි.
මීට අමතරව, සිද්ධියට අදාළව තවත් සැකකරුවන් දෙදෙනෙකු අද අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලිීසිය කටයුතු කර තිබෙනවා.
Share This Article