ප්රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවයි
Thursday, 09 January 2020 - 16:03 | Views - 552
සැපයුම් ජල නලයක හදිසි කාන්දුවක් හේතුවෙන් පෑලියගොඩ, වත්තල සහ මාබෝල යන නගර සභා බලප්රදේශවලට මේ වනවිට ජල සැපයුම අත්හිටුවා ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.
මීට අමතරව, කැළණිය සහ වත්තල යන ප්රාදේශීය සභා බල ප්රදේශවල කොටසකට ද මෙලෙස ජල සැපයුම අත්හිටුවා ඇති බවයි එම මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් ප්රකාශ කළේ්.
ජලනල කාන්දුව මේ වනවිට පිලිසකර කරමින් පවතින බව ද එමගින් වැඩිදුරටත් සඳහන් කළා.
Share This Article