ඉදිරි මාස කිහිපයේ ඕස්ට්‍රේලියාවට වැසි නැහැ
Thursday, 09 January 2020 - 15:54 | Views - 514
තවත් මාස කීපයක් ගත වනතුරු ඕට්‍රේලියාවට වර්ෂාපතනයක් හෝ සිසිල් දේශගුණ තත්වයක් බලාපොරොත්තු විය නොහැකි බව එරට කාලගුණ දෙපාර්තමේන්‍තුව සඳහන් කරනවා.

2019 ඕස්ට්‍රේලියානු ඉතිහාසයේ වැඩිම උෂ්ණත්වයක් වාර්තා වූ වසර වනවා. එරට කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ මේ ආකාරයේ ඉහළ උෂ්ණත්වයක් ඉදිරි මාස කීපය පුරා බලාපොරොත්තු විය හැකි බවයි.

එරට උතුරු ප්‍රදේශ වලට කඩින් කඩ වැසි ලැබුණද දැනට පවතින ලැව්ගිනි පාලනය කරන්නට තරම් හැකියාවක් නැති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

මාස ගණනක් තිස්සේ ගින්නෙන් පීඩා විඳින ඕස්ට්‍රේලියාවට අවුරුදු තුනක් පුරා බලපෑ නියඟ තත්වය හේතුවෙන් ප්‍රදේශ බොහොමයක් තද වියලි ස්වභාවයකට පත්ව තිබෙනවා.

පුද්ගලයන් 26කට මරු කැඳවමින්  පැතිර යන ගින්න මේ වන විට ස්ථාන 100ක පමණ තවමත් ඒ ආකාරයෙන් පවතින බව එරට බලධාරීන් සඳහන් කරනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top