අඩ අඳුරේ සෙල් ෆෝන් භාවිතය අනතුරුදායකයි
Thursday, 09 January 2020 - 15:45 | Views - 19,854
ජංගම දුරකථනය, ටැබ් හා ලැප්ටොප් ඇතුළු පරිගණක නිසා අපට ඇති වාසි හා එහි වැදගත්කම කියා නිම කළ නොහැකි තරම් ය.

නමුත් මේ ඉලෙක්ට්‍රොනික උපාංග භාවිතය නිසාම ඇතිවූ බව පිළිගැනෙන සෞඛ්‍යමය, පාරිසරික, ආර්ථික හා සමාජ ගැටලු ද බොහොමයක් ඇත.

මේ සමාජ ගැටලු බොහොමයක්ම මතු වන්නේ තරුණ පිරිස අතරේ යැයි පැවසිය යුතුමය. ඊට හේතු වන්නේ මේ සියල්ලක්ම තරුණ පිරිස් භාවිතයට වැඩි නැඹුරුවක් වී ඇත්තේ රාත්‍රි කාලයේ නිදා ගන්නා කාලය තුළ දී යැයි සමාජ පර් යේෂණ කියා සිටිති.

මේ ජංගම දුරකථන ඇතුළු උපාංගවලින් පිටවන චුම්භක ක්ෂේත්‍ර හා සන්නිවේදන කුලුනුවලින් පිටවන අධි සංඛ්‍යාත රේඩියෝ තරංග නිසා පුද්ගලයන්ට විවිධ මානසික හා කායික ගැටලු ආදිය ඇති වන බව ලොව පුරා විවිධ සෞඛ්‍ය බලධාරීහු තහවුරු කර ගෙන සිටිති.

විශේෂයෙන්ම මේ උපාංග රාත්‍රි කාලයේ අඩ අඳුරේ භාවිත කිරීම තුළින් විවිධ ගැටලු ඇති වන අතර, විශේෂයෙන් අන්ධකාර සහිත ස්ථානයක දී මේ උපාංග භාවිතයේ දී එම උපකරණවලින් පිටවෙන නිල් පැහැති අාලෝකය වඩාත් සුවබර නින්දකට පීඩා ඇති කරවන බව නොරහසකි.

තවද විශේෂයෙන්ම අධික තරබාරුවීමේ අවදානම, හදවත් රෝග හා දියවැඩියාව වැනි රෝග ඇති වීමේ අවදානම දැඩිව පවතී.

මේ සුවබර නින්දකට පීඩා කරන පොදු සතුරාගේ ප්‍රහාරයන් අවම කර ගැනීමට හැකිවන සරල ක්‍රමවේදයක් ගැන හෝමෝන පිළිබඳ යුරෝපා සංගමයට ඉදිරිපත් කෙරුණු නෙදර්ලන්ත අධ්‍යයන වාර්තාවකින් හෙළිදරව් වී තිබේ.

එම නෙදර්ලන්ත පර් යේෂණ වාර්තාවෙන් පෙන්වා දී ඇත්තේ පුද්ගලයින් 25 දෙනෙකු තෝරා ඔවුන්ට තැඹිලි පැහැයෙන් වර්ණ (ටින්ටඩ්) කළ කණ්ණාඩියක් නින්දට පෙර පැලඳ රාත්‍රී කාලයේ දී ජංගම දුරකථන ඇතුළු පරිගණක උපාංග භාවිත කිරීමත්, එම කණ්ණාඩි පැලඳ පුරා සතියක් එම ඉලෙක්ට්‍රොනික උපාංග භාවිතයෙන් තොරව සිටීමෙන් මිනිස් සිරුරට සිදුවිය හානි අවම කර ගැනීමට හැකි බවය.

මේ සරල ක්‍රමවේදය ක්‍රියාත්මකවීම තුළින් වඩාත් සුවබර නින්දක් සේම, හදවත් හා දියවැඩියා රෝග ලක්ෂණ ඉවත්ව යහපත් ශරීර සෞඛ්‍යයක් හිමි වන බව එම නෙදර්ලන්ත පර්යේෂණ වාර්තාවෙන් පෙන්වා දී ඇත.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top