ගානියා බැනිස්ටර්ට සෑම මසකම අවසන් ඉරුදින CIDයේ පෙනී සිටින ලෙසට නියෝගයක්
Thursday, 09 January 2020 - 14:30 | Views - 429
රක්ෂිත බන්ධනාගාර ගත කර සිට ඇප මත මුදා හැරුණු ස්විට්සර්ලන්ත තානාපති කාර්යාල නිලධාරිනි ගානියා බැනිස්ටර් ෆ්රැන්සිස්ට සෑම මසකම අවසන් ඉරුදින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසට අධිකරණය අද නියෝගයක් නිකුත් කළා.
ඒ ඊට අදාළ නඩුව කොළඹ ප්රධාන මහේස්ත්රාත් ලංකා ජයරත්න හමුවේ කැදවූ අවස්ථාවේදියි.
පසුගිය වසරේ දෙසැම්බර් මස 30 වනදා නඩුව කැදවූ අවස්ථාවේදී ස්විට්සර්ලන්ත තානාපති කාර්යාල නිලධාරිනි ගානියා බැනිස්ටර් ප්රැන්සිස් රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමටයි අධිකරණය නියෝග කළේ.
Share This Article