සෞදියේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට තානාපති කාර්යාලයෙන් දැනුම්දීමක්
Thursday, 09 January 2020 - 14:19 | Views - 1,409
මැදපෙරදිග කලාපයේ උද්ගතවී ඇති තත්ත්වය සැලකිල්ලට ගෙන සෞදි අරාබියේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට සුපරීක්ෂාකාරි ලෙස සිටින ලෙසට එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය දැනුම් දෙනවා.
ජනතාව බහුලව රැස්වන ස්ථාන මග හරින ලෙස සහ අනවශ්‍ය ගමන්වල නොයෙදෙන ලෙසයි එම තානාපති කාර්යාල නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලාංකිකයන්ට දන්වා ඇත්තේ.
තම විදේශ ගමන් බලපත්‍රය සැමවිටම සූදානම් කර තබා ගන්නා ලෙසද එම නිවේදනයේ තවදුරටත් සඳහන්.
Share This Article