රජයේ විධායක නිලධාරීන්ගේ 15,000 දීමනාව තාවකාලිකව අත්හිටුවයි
Thursday, 09 January 2020 - 12:50 | Views - 1,207
රාජ්‍ය සේවයේ විධායක ගණයේ නිලධාරීන්ට විශේෂ දීමනාවක් ලබාදීම තාවකාලිකව අත්හිටුවීමට රජය තීරණය කර තිබෙනවා.

සියලූ අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන් හා දෙපාර්තමේන්තු ප්‍රධානීන් වෙත රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් එස්. හෙට්ටිආරච්චි මේ බව දැනුම්දී ඇත්තේ චක්‍රලේඛයක් නිකුත් කරමින්.

රාජ්‍ය සේවයේ විධායක නිලධාරීන්ට විශේෂ දීමනාවක් ලබාදීමේ මෙම තීරණය තාවකාලිකව අත්හිටුවීමට පසුගිය දෙවනදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය කර ඇති බවයි එම චක්‍රලේඛයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.

රජයේ විධායක නිලධාරීන්ට ශ්‍රේණි අනුව ලබාදීමට නියමිතව තිබූ රුපියල් 15,000 ක දීමනාවේ විෂමතා ඉවත් කිරීමේ තීරණය පසුගිය ජනවාරි 1වනදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබුණා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top