කඩා වැටුණු යානයේ කළු පෙට්ටිය අමෙරිකාවට තහනම්
Thursday, 09 January 2020 - 9:38 | Views - 1,061
ඉරානයේ අනතුරට පත් යුක්රේන මගී ගුවන් යානයේ කළු පෙට්ටිය හෙවත්, පියාසර දත්ත පටිගත කරන යන්ත්‍රය අමෙරිකාවට ලබා නොදෙන බව ඉරානය පවසයි.
ඊයේ සිදුවූ ගුවන් යානා අනතුරෙන් ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයින් සංඛ්‍යාව 176කි.
ගුවන් ගමන්වලට අදාළ අන්තර්ජාතික නීතිරීති මාලාවට අනුකුලව මෙහි විමර්ශන කටයුතු ඉරානය විසින් සිදුකළ යුතු වේ. නමුත්, එය යානා නිෂ්පාදන සමාගමට සහ එය අයත් රටට කළු පෙට්ටිය විශ්ලේෂණය කිරීමට නීතිරීතිවලින් අවසර ලැබෙන බව සදහන්වේ. එහෙත්, ඉරානය පවසන්නේ ඒ සඳහා බෝයිං සමාගම අයිති අමෙරිකා එක්සත් ජනපදයට මේ සඳහා අවස්ථාව ලබා නොදෙන බවයි.
ඉරානයේ ටෙහෙරාන් නුවර ඉමාම් ඔමේනි ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් පිටත්ව සුළු මොහොතකින් යුක්රේනයට අයත් ගුවන් යානයක් ඊයේ කඩා වැටුණි.
Share This Article