ඉරානයේ ටෙහෙරාන් නුවර සිදුවූ ගුවන් අනතුරෙන් මියගිය බොහෝ මගීන් කැනේඩියානු ජාතිකයින් බවට ජාත්‍යන්තර මාධ්‍ය සනාථ කරනවා. මේ අතර අනතුරෙන් ගුවන්යානයේ ගමන්ගත් සියලුම දෙනා මියගොස් ඇති අතර ඒ අනූව 176 දෙනෙකුගේ දිවි අහිමිවුණා.
මියගිය පිරිස අතර ඉරාන ජාතිකයින් 82නෙක් , කැනේඩියානු ජාතිකයින් 63 දෙනෙක්, යුක්රේන ජාතිකයින් 11 දෙනෙක් සහ ස්වීඩන් ජාතිකයින් 10 ක් ගුවන්යානයේ සිටි බවට මේ වනවිට අනාවරණය වනවා.
ගුවන් අනතුර සිදුවූ ස්ථානයේ ඡායාරූපද මේ වනවිට මාධ්‍යට මුදාහැර තිබෙනවා.
අනතුරට පත්වන අවස්ථාවේදී බෝයිං 737 වර්ගයට අයත් යානාව ටෙහෙරාන් නුවර ඉමාම් කමෙයිනි ගුවන්තොටුපොළේ සිට යුක්රේනයේ කිව් ගුවන්තොටුපොළ බලා පියාසර කරමින් තිබුනා.
