මාතෘ භූමියේ පුරන් කුඹුරු අස්වද්දන හිරු ගොවි සංග්‍රාමය - තුන් හෙළයේ රන් කෙත් උදානය
Thursday, 09 January 2020 - 8:41 | Views - 384
අභිමානවත් පැරකුම් යුගයකට පෙරමුණ ගෙන මාතෘ භූමියේ සියලූම පුරන් කුඹුරු අස්වැද්දවීමේ මහා මංගල්‍යය හිරු මාධ්‍ය ජාලය මගින් අද සිට ආරම්භ කරනවා.

තරුණ ජවය පෙරදැරිව අද උදෑසන එළඹෙන සුබ මුහුර්තයෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ තවලම - බඩඅමුණ යායෙන් මෙම සත්කාර්යය ආරම්භ කිරීමට මේ වනවිට සියලූ කටයුතු සූදානම් කර අවසන්.

මෙරට සියලූ පුරන් කුඹුරු අස්වද්දා රට සහලින් ස්වයංපෝෂිත කිරීමේ අරමුණින් හිරු ගොවි සංග්‍රාමය තුන් හෙළයේ රන් කෙත් උදානය වැඩසටහන නිර්මාණය කෙරුණේ හිරු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ සංකල්පයකට අනුවයි.

මේ වනවිට ගොවි බිමෙන් ඈත්ව සිටින ජවයෙන් පිරි තාරුණ්‍යය නැවතත් ගොවි බිමට කැඳවාගෙන එමින් පරාක්‍රමබාහු යුගයෙන් පසුව නැවතත් රට සහලින් ස්වයංපෝෂිත කිරීම මෙහි අරමුණ වනවා.

එහි පළමු අදියර අද උදෑසන සිංහරාජ මිටියාවතේ ගිංගඟ නිම්නයේ, අක්කර 109 ක වපසරියකින් යුත් තවලම - බඩඅමුණ යායෙන් ආරම්භ වන්නේ ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලබාගනිමින්.

සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක් පවත්වා තුණුරුවනේ ආශිර්වාද ලබාගැනීමෙන් පසු උදෑසන ගම්වාසීන් ඇතුලූ සියලූදෙනාගේ සහභාගීත්වයෙන් මෙම මහඟු කර්තව්‍යය ආරම්භ කිරිමට සියලූ කටයුතු සූදානම් කර තිබෙනවා.

සහලින් රට සරු කරන යුගයක් නැවතත් අරඹමින් කෘෂි සංස්කෘතියේ හෘද සාක්ෂිය වර්තමාන තරුණ පරපුර බවට පත් කරමින් හිරු ගොවි සංග්‍රාමය දියත් කෙරෙනු ඇති.

ඉතිහාසයේ නොමැකෙන සටහනක් වන මෙම උදාරතර අවස්ථාව අද උදෑසන 7.30 සිට හිරු ටී.වී හරහා සජීවීව අත්දැකීමට ඔබට අවස්ථාව හිමිවනවා.
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top