මාතෘ භූමියේ පුරන් කුඹුරු අස්වද්දන හිරු ගොවි සංග්‍රාමය - තුන් හෙළයේ රන් කෙත් උදානය
Thursday, 09 January 2020 - 8:41 | Views - 385

අභිමානවත් පැරකුම් යුගයකට පෙරමුණ ගෙන මාතෘ භූමියේ සියලූම පුරන් කුඹුරු අස්වැද්දවීමේ මහා මංගල්‍යය හිරු මාධ්‍ය ජාලය මගින් අද සිට ආරම්භ කරනවා.
තරුණ ජවය පෙරදැරිව අද උදෑසන එළඹෙන සුබ මුහුර්තයෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ තවලම - බඩඅමුණ යායෙන් මෙම සත්කාර්යය ආරම්භ කිරීමට මේ වනවිට සියලූ කටයුතු සූදානම් කර අවසන්.
මෙරට සියලූ පුරන් කුඹුරු අස්වද්දා රට සහලින් ස්වයංපෝෂිත කිරීමේ අරමුණින් හිරු ගොවි සංග්‍රාමය තුන් හෙළයේ රන් කෙත් උදානය වැඩසටහන නිර්මාණය කෙරුණේ හිරු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ සංකල්පයකට අනුවයි.
මේ වනවිට ගොවි බිමෙන් ඈත්ව සිටින ජවයෙන් පිරි තාරුණ්‍යය නැවතත් ගොවි බිමට කැඳවාගෙන එමින් පරාක්‍රමබාහු යුගයෙන් පසුව නැවතත් රට සහලින් ස්වයංපෝෂිත කිරීම මෙහි අරමුණ වනවා.
එහි පළමු අදියර අද උදෑසන සිංහරාජ මිටියාවතේ ගිංගඟ නිම්නයේ, අක්කර 109 ක වපසරියකින් යුත් තවලම - බඩඅමුණ යායෙන් ආරම්භ වන්නේ ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලබාගනිමින්.
සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක් පවත්වා තුණුරුවනේ ආශිර්වාද ලබාගැනීමෙන් පසු උදෑසන ගම්වාසීන් ඇතුලූ සියලූදෙනාගේ සහභාගීත්වයෙන් මෙම මහඟු කර්තව්‍යය ආරම්භ කිරිමට සියලූ කටයුතු සූදානම් කර තිබෙනවා.
සහලින් රට සරු කරන යුගයක් නැවතත් අරඹමින් කෘෂි සංස්කෘතියේ හෘද සාක්ෂිය වර්තමාන තරුණ පරපුර බවට පත් කරමින් හිරු ගොවි සංග්‍රාමය දියත් කෙරෙනු ඇති.
ඉතිහාසයේ නොමැකෙන සටහනක් වන මෙම උදාරතර අවස්ථාව අද උදෑසන 7.30 සිට හිරු ටී.වී හරහා සජීවීව අත්දැකීමට ඔබට අවස්ථාව හිමිවනවා.
Share This Article