හපුතලේ ගුවන් අනතුරේ කාලගුණ වාර්තාව අධිකරණයට
Thursday, 09 January 2020 - 8:28 | Views - 393
හපුතලේ - අයිස්පීල්ල - තම්බපීල්ල ප්‍රදේශයේදී සිදුවූ ගුවන් යානා අනතුර සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සිය වාර්තාව බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ලබාදී තිබෙනවා.

අනතුර සිදුවූ පසුගිය සිකුරාදා එම ප්‍රදේශය ආශ්‍රිතව යහපත් කාලගුණයක් පැවති බව එමඟින් දක්වා ඇති බවයි වාර්තා වන්නේ. එසේම සුළං තත්ත්වයද සාමාන්‍ය මට්ටමක පැවති බව එහි දැක්වෙනවා.

මෙම ගුවන් අනතුර සම්බන්ධයෙන් අධිකරණයට කරුණු ඉදිරිපත් කරන ලෙස පාර්ශව 6කට බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණය පසුගියදා නියෝගයක් නිකුත් කර තිබුණා.

ඒ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ද වනවා. එම දෙපාර්තමේන්තුවට අමතරව රජයේ රස පරීක්ෂක, ශ්‍රී ලංකා ගුවන් හමුදාව, බදුල්ල මහරෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා, මිනින්දෝරු දෙපාර්තමේන්තුව සහ මත්තල ගුවන් තොටුපල යන ආයතනවලට ද මෙලෙස වාර්තා ලබාදෙන ලෙස බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් කීර්ති කුඹුරුහේන නියෝග කර තිබුණා.

මේ සම්බන්ධයෙන් වන නඩුව යළි මේ මස 16 වනදා කැඳවීමට නියමිතයි.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් වයි - 12 වර්ගයේ සැහැල්ලූ ගුවන් යානයක් පසුගිය සිකුරාදා හම්බන්තොට - වීරවිල ගුවන් හමුදා කදවුරෙන් ගුවන් නිරීක්ෂණ මෙහෙයුමක් සදහා පිටත්ව ගොස් තිබූ අතර, එය පෙරවරු 9.15 ට පමණ යානය හපුතලේ අයිස්පීල්ල කදුකර ප්‍රදේශයට කඩා වැටී තිබුණා.

එහිදී ගුවන් යානයේ නියමුවන් දෙදෙනා ඇතුලූ හතරදෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top