කසිප්පු බොන්න ඇවිත් දැරියකට අතවර කළ 65 ක් ඉක්මවූ සැකකරුවෝ සිව්දෙනකු රිමාන්ඩ්
Thursday, 09 January 2020 - 8:20 | Views - 597
අවුරුදු 12 ක් වූ පාසල් සිසුවියක් ලිංගික අපයෝජනයට ලක් කළ වයස අවුරුදු 65 ක් ඉක්මවූ සිව්දෙනකු කුරුණෑගල මහෙස්ත්‍රාත් අධිකරණයේ නියෝග මත මෙම මස 16 දින තෙක් රක්ෂිත බන්ධනාගාරගත කළ බව ගොකරැල්ල පොලිසියේ වැඩ බලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඒ. ඒ. එච්. කේ. ජයරත්න මහතා පැවසීය.
සිසුවියගේ ඥාති කාන්තාවක විසින් ගොකරැුල්ල පොලිසියට කරන ලද පැමිණිල්ල මත මෙහි සත්‍ය තොරතුරු අනාවරණය කර ගැනීම සඳහා අපයෝජනයට ලක්වූවායැයි කියන සිසුවිය. රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී වෙත ඉදිරිපත් කරන ලදි.
ඇය බරපතල ලිංගික අපයෝජනයකට ලක්ව ඇති බව එම පරීක්ෂණවලදී හෙළි වී ඇති අතර සිසුවියගේ සාක්ෂි මගින් තවදුරටත් තහවුරු වී ඇත.
පියා සිය නිවසේ කසිප්පු ජාවාරමේ යෙදෙන අයකු බවද මෙම සැකකරුවන් සිව්දෙනා මත්පැන් පානයට ලොල්ව නිතර නිතර නිවසට පැමිණි පුද්ගලයන් බවද සිසුවියගේ මව රෝගාතුරව සිටින කාන්තාවක බවද අනාවරණය වී ඇත.
ලිංගික අතවරයට ලක් වූ මෙම සිසුවිය මන්දමානසික තත්ත්වයෙන් පෙළෙන අයකු බවද හෙළි වී ඇත.
Share This Article