මුස්ලිම් විවාහ දික්කසාද පනත ඉවත් කිරීමට රතන හිමිගෙන් කෙටුම්පතක්
Wednesday, 08 January 2020 - 14:06 | Views - 465
1951 අංක 13 දරණ මුස්ලිම් විවාහ හා දික්කසාද පනත ඉවත් කිරිම සදහා වූ පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් විසින් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.
එමෙන්ම, විවාහ ආඥා පනත සංශෝධනය කිරිම සදහා වූ පනත් කෙටුම්පතක් ද උන්වහන්සේ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බවයි හිරු පාර්ලිමේන්තු වාර්තාකරු සදහන් කළේ.
ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්රකාශනය සම්බන්ධයෙන් වූ කල් තැබීමේ විවාදය දෙවන දිනටත් මේ වනවිට පාර්ලිමේන්තුවේදී පැවැත්වෙනවා.
Share This Article