රන්ජන්ගේ දුරකථන සංවාද හරහා අධිකරණයේ විශ්වාසය පළුදු වෙලා
Wednesday, 08 January 2020 - 13:58 | Views - 344
පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකගේ දුරකථන හඩපට මගින් මෙරට අධිකරණය සහ පොලීසිය පිළිබද ජනතා විශ්වාසය පළුදු වී ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසනවා.
එහි මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක නිදහස් පක්ෂ මූලස්ථානයේ අද කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව කියා සිටියා.
Share This Article