රාජ්‍ය අමාත්‍යවරුන් වන මහින්දානන්ද සහ වාසුදේව FCID යට
Wednesday, 08 January 2020 - 13:05 | Views - 903
රාජ්‍ය අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලූත්ගමගේ සහ වාසුදේව නානායක්කාර අද අල්ලස් හෝ දූෂණ වංචා විමර්ශන කොමිසම වෙත පැමිණියා.
ඒ පසුගිය රජයේ මැති ඇමතිවරුන්ගේ වංචා හා දූෂණ පිළිබද ඔවුන් සිදුකළ පැමිණිලි සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවල ප්‍රගතිය සොයා බැලීම සදහායි.
අල්ලස් කොමිසමට ගිය රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ ඉන් පසු කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වුණා.
එහිදී ඔහු සදහන් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකගේ දුරකථන හඩ පට මගින් අනාවරණය වන්නේ විපක්ෂයේ මන්ත්‍රීවරුන් මර්දනය කිරීමට හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇතුළු පසුගිය ආණ්ඩුව සිදුකළ කුමන්ත්රණයක තොරතුරු බවයි.
Share This Article