දින ගණනකට සෑහෙන්න වතුර බොන නිසා, ඔටුවන් 10,000ක් මැරීමට සැරසෙයි
Wednesday, 08 January 2020 - 12:38 | Views - 3,135
වැඩියෙන් ජලය පානය කිරීම හේතුවෙන්  ඕස්ටේ‍්‍රලියාවේ වියලි ශුෂ්ක ප‍්‍රදේශවල නිදැල්ලේ ජීවත් වන ඔටුවන් 10,000 ක් මරා දැමීමට ඕස්ටේ‍්‍රලියා රජය තීරණය කර ඇත.

ඔටුවන් මරා දැමීමේ පස් දින වැඩසටහන අද (8) ආරම්භ කෙරුණි. ඒ සඳහා හෙලිකොප්ටර් යානා යෙදවිණි.

ඔටුවන් මරා දැමීමට  ඕස්ටේ‍්‍රලියා රජය මෙසේ පියවර ගන්නේ, කැන්යිප් ඇබොරිජින්ල් ප‍්‍රජාව කළ ඉල්ලීමකට අනුවය. ඇබොරිජින්ල් යනු  ඕස්ටේ‍්‍රලියාවේ මුල් පදිංචිකරුවන් එසේත් නැතිනම් එරට ස්වදේශික වැසියන්ය.

ඔටුවන්ට දින ගණනක් ජලය නොමැතිව සිටිය හැකිය. ඒ උන්ගේ මොල්ලියේ තැම්පත්වන මේදය ජල අවශ්‍යතා සපුරන බැවිනි. එසේ වුවත්, ඔටුවන් ජලය පානය කරද්දී, දින ගණනකට සෑහෙන්න වතුර පානය කරයි.

වියලි කාලගුණයත්, පැතිර යන ළැව් ගිනි තත්ත්වයත් හේතුවෙන් කැන්යිප් ඇබොරිජින් වැසියන් ජීවත් වන පළාතේ ජලාශ සහ පොකුණුවල ජලය තවත් අඩුවී ඇත. වන සතුන් බොහෝ දෙනකු මේ වනවිට ජලය නොමැතිව මියගොස් ඇතැයි ද පැවැසෙයි.

ළැව් ගිනිවලට කොටුවීමෙන් මියගොස් ඇතැයි පැවැසෙන  ඕස්ටේ‍්‍රලියාවට පමණක් ආවේණික සතුන් ගණන මිලියන 480 ක් බව ද  ඕස්ටේ‍්‍රලියා මාධ්‍ය වාර්තා සඳහන් කර ඇත.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top