මෝටර් රථයකින් පැමිණි තරුණයෙකුට අත්වූ අවාසනාවන්ත ඉරණම CCTV කැමරාවේ සටහන් වෙයි
Wednesday, 08 January 2020 - 12:15 | Views - 667
මහ රෑ මෝටර්රථයකින් ගමන්කරමින් සිටියදී තරුණයෙකුට තවත් මෝටර් රථයකින් සහ යතුරුපැදිවලින් පැමිණි පිරිසක් අමානුෂික ලෙස පහරදෙන අයුරු දැක්වෙන CCTV දර්ශන පෙළක් අපවෙත ලැබී තිබෙනවා.
පසුගිය 05 වනදා රාත්රී 9 ට පමණ මාතර වෙලේගොඩ අතගහපු හංදිය ප්රදේශයේදීයි මෙම අමානුෂික පහරදීම සිදුවන්නේ.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් පහරකෑමට ලක්වූ තරුණයා විසින් මාතර මූලස්ථාන පොලිසියට කළ පැමිණිල්ලක් සිදුකර තිබෙනවා.
ඒ අනුව අදාළ පහරදීම සම්බන්ධයෙන් පුද්ගලයන් තිදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරුවන් අද (08) දිනයේ මාතර මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
අදාළ පහරදීම දැක්වෙන CCTV දර්ශන පහතින්.
Share This Article