මැද පෙරදිග රටවල් කිහිපයක් ඉහළින් ගුවන් යානා පියාසර කරවීම ඇමරිකාව අත්හිටුවයි
Wednesday, 08 January 2020 - 10:25 | Views - 713
ඉරානය, ඉරාකය, පර්සියානු ගල්ෆ් කලාපය සහ ඕමාන් ගල්ෆ් කලාපයට ඉහළින් ගුවන් යානා පියාසර කරවීම් තාවකාලිකව අත්හිටුවා ඇති බව ඇමරිකානු ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනය ප්‍රකාශ කළා.
ඒ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින්.
ඊට හේතුව ඉරාකයේ ඇමරිකානු කදවුරු දෙකකට ඉරානය විසින් බැලැස්ටික් මිසයිල ප්‍රහාර 12 කට අධික සංඛ්‍යාවක් එල්ල කිරිමත් සමගයි.
මේ අතර, මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් හෙට දිනයේ ප්‍රකාශයක් සිදු කිරීමට අපේක්ෂා කරන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා.
Share This Article