පාසල්වලට නිල ඇදුම් වවුචර්පත් බෙදා දීම අවසන්
Wednesday, 08 January 2020 - 9:28 | Views - 357

මේ වසර වෙනුවෙන් රජයේ සියලූ පාසල් සහ පිරිවෙන් සිසුන් වෙත නිල ඇඳුම් තිළිණ පත් බෙදාහැරීමේ කටයුතු මේ වනවිට අවසන් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සඳහන් කළේ අද සිට සිසු දරුවන්ට මෙම තිලිණ පත් ලබාදීමට කටයුතු කරන ලෙස විදුහල්පතිවරුන් දැනුම්වත් කර ඇති බවයි.
මෙම වසරේ පාසල් නිල ඇඳුම් සඳහා රජය රුපියල් මිලියන 2900 ක් වැයකර ඇති අතර, කාණ්ඩ 11 ක් යටතේ මෙවර නිල ඇඳුම් තිලිණපත් මුද්‍රණය කර තිබෙනවා.
ඊට සමගාමීව දුෂ්කර, අතිදුෂ්කර හා ශිෂ්‍ය සංඛ්‍යාව සියයට අඩු සියලූ පාසල්වල සිසු දරුවන් වෙත පාවහන් මිලදී ගැනීම සඳහා තිලිණ පත් ද ලබාදෙනු ඇති.
ඒ අනුව පාවහන් තිළිණ පත් ලක්ෂ හතක් සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය වැය කර ඇති මුදල රුපියල් මිලියන 958 ක්.
එමෙන්ම සෞන්දර්ය විශ්වවිද්‍යාලයට පමණක් තාවකාලික වශයෙන් ඉසෙඞ් අගයට අතිරේකව ප්‍රායෝගික පරීක්ෂණයක්ද පැවැත්වීමෙන් අනතුරුව එම විශ්වවිද්‍යාලය සඳහා ප්‍රවේශය ලබාදීමට තීරණය කළ බව උසස් අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළා.
ඒ, එම අමාත්‍යාංශයේදී අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ නියෝජිතයින් සහ සෞන්දර්ය විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගමයේ නියෝජිතයින් පිරිසක් ඊයේ හමුවූ අවස්ථාවේදියි.
මේ අතර පසුගිය වසරේ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ අභියාචනා ප්‍රතිඵල මේ වනවිට නිකුත් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
එම දෙපාර්තමේන්තුවේ www.doenets.lk වෙබ් අඩවියට පිවිස නිවැරදි විභාග අංකය ඇතුළත් කිරීමෙන් එම ප්‍රතිඵල ලබාගත හැකියි.
Share This Article