නිදාසිටි සැමියාට ගලකින් ගසා මරා මුහුණට කොට්‌ටයක් තියා හිර කරලා
Wednesday, 08 January 2020 - 7:59 | Views - 541

සපුගස්‌කන්ද, හෙයියන්තුඩුව, සමෘද්ධි මාවතේ කුලී කාමරයක නැවතී සිටි අඹුසැමි යුවළක් අතර ඇතිවූ බහින්බස්‌වීමක් හේතුවෙන් එම විවාහක කාන්තාව සිය සැමියාට නිදි ඇඳේදීම ගලකින් කීප වතාවක් පහරදී අමානුෂික අන්දමින් මරා දමා තිබේ.
මෙම ඝාතනය 01 වැනිදා පෙරවරු 11.00 ට පමණ සිදු වී ඇතැයි සපුගස්‌කන්ද පොලිසිය පවසයි.
මෙලෙස ඝාතනයට ලක්‌ව ඇත්තේ මාකොළ, මාකොළ දකුණ, සිරිමංගල පාරේ පදිංචිව සිටි මැද්දේ ගම්ගොඩ ලේකම්ලාගේ ශ්‍රියන්ත මධුසංඛ (26) නමැති අයෙකි.
ඝාතනයට ලක් වූ අය සහ ඝාතනය සිදු කළ කාන්තාව මත්කුඩු භාවිතයට ඇබ්බැහි වූ අය බව හෙළිවිණැයි ද පොලිසිය පවසයි.
ඝාතනයට ලක් වූ අය රැකියාවක් නොකරන අතර, සිද්ධිය වූ දිනට පෙර දින සැකකාරිය තමාට බඩගිනි බවත්, ආහාර ගෙන ඒමට මුදල් ලබා දෙන ලෙසත් සිය සැමියාට පවසා තිබේ. එහිදී ඝාතනයට ලක් වූ අය බිරිඳට අනියම් සම්බන්ධයක් තිබෙන බවට චෝදනා කරමින් බැණවැදී තිබේ.
මේ නිසා කෝපයට පත් සැකකාර බිරිඳ සැමියා උදෑසන ඇඳේ නිදාගෙන සිටි අවස්‌ථාවේ නිවස පිටුපස ජල කරාමය අසල තිබූ දිගු ගලක් ඔසවාගෙන විත් සැමියාගේ මුහුණ හා පපුව අතර ප්‍රදේශයට තුන්වරක් අතහැර ඇති බවත්, පසුව මියගිය අයගේ මුහුණට කොට්‌ඨායක්‌ද තබා හිරකර ඇති බවත් හෙළිවිණැයි පොලිසිය පවසයි.
පසුව ඇය පොලිස් ස්‌ථානයට පැමිණ තමන් සැමියාට ගලකින් පහරදී මරා දැමූ බවට පාපොච්චාරණය කළ බවද පොලිසිය කියයි.
25 හැවිරිදි හේවා දේවාගේ ජිහානි දිල්රුක්‌ෂි නමැති සැකකාරිය මහර මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම මස 16 වැනිදා දක්‌වා රක්‍ෂිත බන්ධනාගාරගත කර තිබේ.
කැලණිය කොට්‌ඨාස භාර පොලිස් අධිකාරී රොෂාන් ඩයස්, කැලණිය දිස්‌ත්‍රික් 11 භාර පොලිස් අධිකාරි ගුණරත්න යන මහත්වරුන්ගේ අධීක්‍ෂණය යටතේ සපුගස්‌කන්ද පොලිසියේ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක තුසිත ජයකොඩි මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්‌ථානාධිපති උප පොලිස් පරීක්‍ෂක අමරසේකර මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් සැරයන්වරුන් වන හේමන්ත (36736), තිලකරත්න (36589), පොලිස් කොස්‌තාපල්වරුන් වන දසනායක (71335) කුමාර (68475), කුමාර (71453), ලක්‌මාල් (82436) යන නිලධාරීහු වැඩිදුර පරීක්‍ෂණ සිදු කරති.
Share This Article