ඕස්ට්‍රේලියාවට ජනපති සංවේගය පළ කරයි
Wednesday, 08 January 2020 - 7:14 | Views - 390
ඕස්ට්‍රේලියානු ඉතිහාසයේ දරුණුතම ලැව්ගින්නෙන් සිදුව ඇති විනාශය පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, ඕස්ට්‍රේලියානු අගමැති ස්කොට් මොරිසන්ට සිය සංවේගය පළ කර තිබෙනවා.
ඕස්ට්‍රේලියානු අගමැතිවරයාට දුරකතන ඇමතුමක් ලබා දී ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ ලැව්ගිනි හේතුවෙන් ජීවිත අහිමිවූ පවුල් වෙත සිය බලවත් ශෝකය පළ කළ බවයි.
2004 වසරේ ඇතිවූ සුනාමිය සහ ගං වතුර ඇතුලූ ස්වභාවික ආපදාවලට මුහුණදුන් රටක් ලෙස ලක් ජනතාවට ඕස්ට්‍රේලියානු ජනතාව මේ මොහොතේ විඳින වේදනාව මනාව තේරුම් ගත හැකි බව ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කර තිබෙනවා.
මෙම අවස්ථාවේදී ඕස්ට්‍රේලියානු ජනතාව සඳහා ශ්‍රී ලංකාව තේ තොගයක් පරිත්‍යාග කරන බවද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ දැනුම්දී ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.
ඕස්ට්‍රේලියාවේ ලැව්ගිනි හේතුවෙන් 30 දෙනෙකුට වැඩි පිරිසක් ජිවිතක්ෂයට පත්ව ඇති අතර, වන සතුන් පනස් ලක්ෂයකට අධික සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
Share This Article