නව පක්ෂ ලියාපදිංචියට අයදුම්පත් කැඳවීම මේ මස
Wednesday, 08 January 2020 - 7:13 | Views - 380
නව දේශපාලන පක්ෂ ලියාපදිංචිය මේ මාසය තුළදී ආරම්භ කරන බව මැතිවරණ කොමිසම් සභාව පවසනවා.

එහි උසස් නිලධාරියෙකු සඳහන් කළේ ඊට අදාළ ඉල්ලූම්පත්‍ර ඉදිරි දින කිහිපයේදී නිකුත් කරන බවයි.

මේ වනවිට දේශපාලන පක්ෂ 70 ක් පමණ මැතිවරණ කොමිසම් සභාවේ ලියාපදිංචි වී තිබෙනවා.

මේ අතර 2019 ඡන්ද හිමි නාම ලේඛණය එළඹෙන 24 වැනිදා සහතික කිරීමට පියවර ගන්නා බව මැතිවරණ කොමිසම ප්‍රකාශ කළා.

ඒ අනුව, එළඹෙන මහ මැතිවරණය 2019 ඡන්ද හිමි නාම ලේඛනයෙන් පැවැත්වෙනු ඇති.

එමෙන්ම, මැතිවරණ කොමිසමේ උසස් නිලධාරියෙකු කියා සිටියේ මාර්තු පළමු වනදා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයා කටයුතු කළහොත් අප්‍රේල් 23ත් මැයි මස 6 වනදාත් අතර කාලය තුළ මහ මැතිවරණය පැවැත්වීමට අදාල කටයුතු සම්පාදනය කළ හැකි බවයි.

කෙසේ වෙතත්, ඊට පෙර මහ මැතිවරණය පැවැත්වීමට නම්, පාර්ලිමේන්තුව තුළ තුනෙන් දෙකක බලයක් ලබා ගෙන පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට කටයුතු කළ යුතු වනවා.

19 වන ව්‍යවස්ථා සංශෝධනයට අනුව, ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවීමට බලය ඇත්තේ වසර හතරහමාරක් ගත වීමෙන් පසුවන බැවින් ඒ අනුව, පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට බලය ලැබෙනුයේ මාර්තු පළමුවනදායින් පසුවයි.  
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top