බවුසරයක් සහ බස් රථයක් ගැටී 17 කට තුවාල
Tuesday, 07 January 2020 - 16:46 | Views - 384
කුරුණෑගල - පොතුහැර - මල්පිටිය - හාල්පාර මංසන්ධියේදී පෞද්ගලික බස් රථයක් සහ බවුසරයක් ගැටී සිදුවූ අනතුරකින් පුද්ගලයින් 17 දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.
කුරුණෑගල සිට කෑගල්ල බලා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක් අද මෙලෙස අනතුරට ලක්ව ඇති අතර, තුවාල ලැබූවන් කුරුණෑගල රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
Share This Article