උසස්වීමක් වෙනුවෙන් දුමින්ද සිල්වාට මරණ දඬුවම දුන් විනිසුරු පද්මිණී රණවකට විරුද්ධව අධිකරණ සේවා කොමිසමට පැමිණිල්ලක්
"මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමට අනුබල දීම හා චේතනාන්විතව මිනීමැරුම වෙනුවෙන් අධිකරණ බලය අත්තනෝමතික යොදා ගැනීම සම්බන්ධයෙන් හිටපු මහාධිකරණ විනිසුරු පද්මිණී රණවක මහත්මියට විරුද්ධව අධිකරණ සේවා කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.
රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා විසින් සිදුකරන ලද දුරකථන සංවාද සාක්ෂි කරගනිමින් එම පැමිණිල්ල ඇත්තේ සිංහල සංවිධානය විසින්.
මෙම පැමිණිල්ල චෝදනා 08ක් යටතේ ගොනු කර ඇති අතර හැකි ඉක්මණින් ඇයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි පැමිණිලිකරුවන් ඉල්ලා සිටින්නේ.
අදාළ සම්පූර්ණ පැමිණිල්ල පහතින්..
