අවසන් ගෞරව දක්වන්න ලක්ෂ ගණනක් තෙහෙරාන් අගනුවරට
Tuesday, 07 January 2020 - 15:18 | Views - 893
ඇමෙරිකන් ප්‍රහාරයෙන් මියගිය මේජර් ජනරාල් කසීම් සුලෙයිමානීගේ අවසන් කටයුතු ලක්ෂ සංඛ්‍යාත ඉරාන වැසියන්ගේ සහභාගීත්වයෙන් එරට තෙහෙරාන් අගනුවරදී පැවැත්විණි.

සුලෙයිමානීට අවසන් ගෞරව දැක්වීමට පැමිණි මහා ජන ගංගාව අභ්‍යවකාශයේ රඳවා ඇති චන්ද්‍රිකාවලට පවා ඉතා පැහැදිලිව දකින්න ලැබුණි. ඉරාන විප්ලවීය හමුදාවේ, ‘කුද්ස්’ ආධාරක බළඇණියේ නායකයා වූයේ 62 හැවිරිදි සුලෙයිමානීය.

සුලෙයිමානී ඝාතනය සිදුවූයේ පසුගිය 3 වැනිදාය. ඇමෙරිකන් හමුදාව, ‘රීපර්’ වර්ගයේ නියමුවන් රහිත ඩ්‍රෝන යානා දෙකක් යොදා ගනිමින්, මිසයිල ප්‍රහාර එල්ල කර, සුලෙයිමානී ඝාතනය කළේ ඔහු ඉරාකයේ බැග්ඩෑඞ් අගනුවරට පැමිණි අවස්ථාවේදීය.

සුලෙයිමානීගේ දේහය ඉරානයේ තෙහෙරාන් අගනුවරට ගෙන ඒම සිදුවූයේ ඊයේ (6) ය. දේහයට අවසන් ගෞරව දැක්වීමට පැමිණි ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලී කොමේනී ඇතුළු ඉරාන ආගමික නායකයන් මෙන්ම රජයේ ජ්‍යෙෂ්ඨයන් ද කඳුළු සලන අයුරු දැක්වෙන වීඩියෝ දසුන් ඉරාන ජාතික රූපවාහිනිය ඔස්සේ විකාශය විය.

ජනතා වීරයකු ලෙස සැලකුණු සුලෙයිමානී, උත්තරීතර නායක අයතුල්ලා අලී කොමේනිට පසු ඉරානයේ දෙවැනි ප්‍රබලතම පුද්ගලයා ලෙස සැලකිණි.‘කුද්ස්’ ආධාරක බළඇණියේ, ජනරාල් කසීම් සුලෙයිමානී මරා දැමීමට අණ දීම සම්බන්ධයෙන්, ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ හිසට ඇමෙරිකන් ඩොලර් මිලියන 80 ක ලන්සුවක් ඉදිරිපත් කිරීමට පියවර ගත යුතු යැයි ඉරානය පවසා ඇත.

ඉරානයේ ජනගහනය මිලියන 80 ක් වන අතර, සෑම ඉරාන වැසියකුම ඩොලරයක් බැගින් ලබා දෙනු ඇති බවත් ඉරාන ජාතික රූපවාහිනියේ නිවේදයකු අවමංගල්‍යයේ සජීවී දසුන් විකාශය වෙද්දී පවසා ඇත. මේ අතර සුලෙයිමානීගේ ඝාතනය විරෝධය පළ කරමින්, ඉන්දියාවේත් පාකිස්තානයේත් ඇමෙරිකන් විරෝධී උද්ඝෝෂණ පැවැත්විණි.

(ඒ.එෆ්.පී.)
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top