බැඳුම්කර වංචාවේ වෝහාරික විගණන වාර්තාව ගැන මේ මොහොතේ මන්ත්‍රීවරුන්ට ලබාදීම සුදුසු නැහැ
Tuesday, 07 January 2020 - 14:56 | Views - 382
බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් සිදුකර ඇති වෝහාරික විගණන වාර්තාව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මෙම අවස්ථාවේදී ඉදිරිපත් කිරීම සුදුසු නොමැති බව නීතිපති දප්පුල ද ලිවේරා විසින් කතානායක කරූ ජයසූරියට ලිඛිතව දැනුම් දී තිබෙනවා.

අද පස්වරු එකට පාර්ලිමේන්තුව කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූ අවස්ථාවේදී ඔහු මේ බව සභාවට දැනුම් දුන්නා.

ඒ අනුව නීතිපතිවරයා කතානායකවරයා වෙත වැඩිදුරටත් දැනුම් දී ඇත්තේ බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් දැනටමත් නීති කෘත්‍ය ආරම්භ කර ඇති බැවින් හා ඉදිරියේදී තවදුරටත් නීති කෘත්‍ය සිදුවිය හැකි බැවින් එම වාර්තා මේ මොහොතේ මන්ත්‍රීවරුන්ට ලබාදීම සුදුසු නොවන බවයි.

මෙම වෝහාරික විගණන වාර්තාව ලබාදෙන්නැයි පසුගිය 03 වැනිදා තමන්ට ඉදිරිපත්ව තිබූ ඉල්ලීම සම්බන්ධයෙන් කතානායකවරයා නීතිපතිවරයා වෙතින් මෙම විමසීම සිදුකර තිබුණා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top