කෝප් ඇතුළු පාර්ලිමේන්තු කමිටු පත් කිරීම, 20 වන දා පක්ෂ නායක රැස්වීමෙන් පසු
Tuesday, 07 January 2020 - 13:37 | Views - 298

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පසුගිය දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබදව සභාව කල් තැබීමේ විවාදය අද පස්වරු 1ට ආරම්භවීමට නියමිතයි.
මෙම දෙදින විවාදයේදී අදහස් දැක්වීමට පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් රැසක් සූදානමින් පසුවනවා.
පසුගිය සිකුරාදා පැවති පක්ෂ නායක රැස්වීමේදී මෙම විවාදය පැවැත්වීමට පක්ෂ නායකයන් එකඟතාව පළ කළා.
විවාදය හෙට දිනයේදීත් පැවැත්වෙන අතර, දින දෙකේම පස්වරු 6.30 දක්වා එය පැවැත්වෙනු ඇති.
සභාව කල් තැබීමේ විවාදයක් බැවින් මෙහිදී ඡන්ද විමසීමක් අවශ්‍ය නොවන බවට ආණ්ඩු පක්ෂය සහ විපක්ෂයේ පක්ෂ නායකයන් එකඟ වී තිබුණා.
මෙම කල් තැබීමේ විවාදය සම්බන්ධයෙන් සහ පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු පිළිබදව සාකච්ඡා කිරීමට ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමක් ද අද පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා.
ඒ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන්.
මේ අතර, කෝප් කමිටුව ඇතුළු පාර්ලිමේන්තු කමිටු සඳහා නව සාමාජිකයින් පත් කිරීම සම්බන්ධයෙන් ලබන 20 වන දා පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමේදී සාකච්ඡා කිරීමට නියමිතයි.
පාර්ලිමේන්තුවේ උසස් නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ අදාළ කාරක සභාවල සංයුතිය පිළිබදව ද එහිදී සාකච්ඡා කෙරෙනු ඇති බවයි.
පාර්ලිමේන්තු සැසි වාරය ජනාධිපතිවරයා විසින් පසුගිය දා අවසන් කිරීමත් සමඟ පාර්ලිමේන්තුවේ පැවති කාරක සභා 10කට වැඩි සංඛ්‍යාවක් අහෝසි වුණා.
Share This Article