පොළොව, සූර්යාට ළංවෙයි - උණුසුමෙන් වැළකීමට වෛද්‍ය උපදෙස්
Tuesday, 07 January 2020 - 13:07 | Views - 3,059
මේ දිනවල පෘථවිය සූර්යයාට ඉතා ආසන්නව පවතින බව බ්‍රිතාන්‍ය රාජකීය තාරකා විද්‍යා සංගමයේ තාරකා විද්‍යාඥ අනුර සී. පෙරේරා පවසනවා.
එ, හේතුවෙන් මේ දිනවල අධික උණුසුමක් සහ දැඩි පිපාසයක් දැනෙනු ඇති බවයි ඔහු කියා සිටියේ.
මේ අතර, පවතින අධික උණුසුම් තත්ත්වය හමුවේ අනුගමනය කල යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රජා වෛද්‍ය ලේඛකාධිකාරී වෛද්‍ය නවීන් ද සොයිසා කියා සිටියේ වැඩිපුර ජලය පානය කිරීම සහ හිරු එලියට වැඩි වේලාවක් නිරාවරණය නොවන සේ සිටින ලෙසයි.
Share This Article