හමුදා සෙබලෙකුට දිවි අහිමි කළ අනතුර
Tuesday, 07 January 2020 - 9:07 | Views - 333
වවුනියාව, ඕමන්ත ප්රදේශයේදී ඊයේ (06) රාත්රියේ සිදුවූ අනතුරකින් යුධ හමුදා සෙබලෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඕමන්ත සිට වවුනියාව දෙසට ගමන්ගත් යතුරුපැදියක් මාර්ගයේ සිටි ගවයෙකුගේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි ඕමන්ත පොලිසිය පැවසුවේ.
අනතුරෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කැලේගම, අවුලේගම ප්රදේශයේ පදිංචිව සිටි 41හැවිරිදි යුධ හමුදා සෙබලෙක්.
සිද්ධිය සම්බන්ධයෙන් ඕමන්ත පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරන අතර මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා වවුනියාව රෝහලේ තැන්පත්කර ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.
Share This Article