ලොරි රථයක් පෙරලීම හේතුවෙන් හයිලෙවල් මාර්ගයේ දැඩි රථවාහන තදබදයක්
Tuesday, 07 January 2020 - 9:03 | Views - 375
ලොරි රථයක් පෙරළී යාමෙන් නුගේගොඩ අවට රථ වාහන තදබදයක්
නුගේගොඩ මං සන්ධියේදී ලොරි රථයක් පෙරළී යාමෙන් හයිලෙවල් සහ ඒ අවට මාර්ග කිහිපයක රථ වාහන තදබදයක් හටගෙන තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ හයිලෙවල් පාරේ නුගේගොඩ සිට කොහුවල දෙසට හැරවීමට යාමේදී අද උදෑසන මෙලෙස ලොරි රථය අනතුරට ලක්ව ඇති බවයි.
මේ හේතුවෙන් ඒ අවට මාර්ගවල රථ වාහන තදබදයක් හටගෙන ඇති බවයි පොලීසිය වැඩිදුරටත් සදහන් කළේ.
Share This Article