ශ්‍රී ලංකා - ඉන්දියා දෙවන විස්සයි විස්ස තරඟය අද
Tuesday, 07 January 2020 - 8:52 | Views - 520
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර දෙවන විස්සයි විස්ස ජාත්‍යන්තර තරඟය ඉන්දෝර් හිදී අද පැවැත්වෙනවා.
රාත්‍රී තරඟයක් වන එය ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රී 7ට ආරම්භවීමට නියමිතයි.
ලසිත් මාලිංගගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා පිළ මෙහිදී විරාට් කෝලිගේ ප්‍රබල ඉන්දීය කණ්ඩායමට එරෙහිව තරඟ වදින්නේ දක්ෂ යොවුන් ක්‍රීඩකයන් රැසක් සමඟින්.
කෙසේ නමුත් ශ්‍රී ලංකාව ඉන්දියාව සමඟ ද්වි පාර්ශවික තරගාවලියක් පසුගිය දශකය තුළම ජයග්‍රහණය කර නැහැ.
එමෙන්ම, ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මෙතෙක් පැවති විස්සයි විස්ස තරඟ 17කින් 11ක් ඉන්දියාව ජයගෙන ඇති අතර ශ්‍රී ලංකාව ජයග්‍රහණය 5ක් වාර්තා කර තිබෙනවා.
ගුවහටි නුවර පැවති ඉන්දු - ශ්‍රී ලංකා පළමු විස්සයි විස්ස තරඟය වර්ෂාව නිසා අතහැර දැමීමට සිදුවුණා.
Share This Article