මඩොල්සිම මාරක බස් අනතුරට හේතුව සෙවීමට විශේෂ පරීක්ෂණයක්
Tuesday, 07 January 2020 - 8:31 | Views - 623
පස්සර - මඩොල්සිම මාර්ගයේ 06 කණුව ප්‍රදේශයේදී බස් රථයක් ප්‍රපාතයකට පෙරළී සිදුවූ අනතුර සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ලංකා ගමනාගමන මණ්ඩලය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

ඒ සඳහා මඩොල්සිම ප්‍රදේශයට ගොස් ස්ථානීය පරීක්ෂණයක් ද සිදුකරන බවයි ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.   

පස්සර සිට ඇකිරියන දක්වා ධාවනය වෙමින් තිබූ ශ්‍රී ලංගම බස් රථයක් ඊයේ (06) පස්වරුවේ මෙලෙස අනතුරට ලක්වුණා.

එහිදී පොලීසිය සහ රෝහල් බලධාරීන් මුලින් ප්‍රකාශ කළේ අනතුරෙන් පුද්ගලයින් 12 දෙනෙකු මිය ගොස් තවත් 40 දෙනෙකු පමණ තුවාල ලබා රෝහල් ගත කළ බවයි.

නමුත් මේ වන විට පොලීසිය සහ රෝහල් බලධාරීන් නිළ වශයෙන් තහවුරු කරමින් ප්‍රකාශ කරන්නේ අනතුරෙන් පුද්ගලයින් 08 දෙනෙකු පමණක් ජීවිතක්ෂයට පත්වී ඇති බවයි.

මිය ගිය අය අතර කාන්තාවන් සහ කුඩා ළමයින් ද සිටින බව ද පොලීසිය සදහන් කළා.

කෙසේ වෙතත්, මේ පිළිබදව විශේෂ පරීක්ෂණයක් ක්‍රියාත්මක කරන බවයි ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.    

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top