දුමින්ද සිල්වාගේ නඩු තීන්දුව වෙනස් කිරීමට, රන්ජන් අධිකරණයට කළ බලපෑම්වලට දසතින් විරෝධය
Tuesday, 07 January 2020 - 8:21 | Views - 2,316
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට හිමි වූ නඩු තීන්දුව දේශපාලන බලපෑමක් මත ලබාදුන් නඩු තීන්දුවක් බවට එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකගේ නිවසින් සොයා ගත් හඬ පට වලින් තහවුරු වන බව අමාත්‍ය විමල් වීරවංශ පවසනවා.
මේ අතර, රන්ජන් රාමනායක විසින් අධිකරණයට සහ පොලීසියට සිදුකළ බලපෑම් සම්බන්ධයෙන් දසතින් එල්ල වන්නේ දැඩි විරෝධයක්.
අමාත්‍යවරුන් සහ සිවිල් සංවිධානවල නියෝජිතයින් රැසක් ඒ පිළිබදව මාධ්‍ය වෙත අදහස් දක්වමින් විරෝධය පළ කළා.
එහිදී ඔවුන් සඳහන් කළේ රන්ජන් රාමනායකට සහ ශානි අබේසේකරට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බවයි.
මේ අතර, යහපාලන ආණ්ඩුව විසින් සමස්ත අධිකරණ පද්ධතියම විනාශ කර අවසන් බව හිටපු අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ හිරු ටී,වී. ඔස්සේ විකාශය වන සලකුණ දේශපාලන වැඩසටහනට ඊයේ එක්වෙමින්.
Share This Article