ඕස්ට්‍රේලියාවේ ලැව් ගිනි දකුණු ඇමරිකාවටත් පැතිරෙයි
Tuesday, 07 January 2020 - 8:16 | Views - 692
ඕස්ට්‍රේලියාව පුරා පැතිරෙන මහා ලැව් ගිනි වලින් නික්මෙන ඝන දුමාරය දකුණු ඇමරිකාවේ චිලී සහ ආර්ජන්ටිනා රාජ්‍යයන් වෙත ද පැතිර ඇති බව වාර්තා වනවා.
එම රටවල් පිහිටා ඇත්තේ ඕස්ට්‍රේලියාවේ සිට කිලෝමීටර් 12,000ක් පමණ දුරකින්.
තම වායුගෝලයේ අපද්‍රව්‍ය සහිත ඝන දුමාරයක් ඇති වී තිබෙන බවත්, එය ඕස්ට්‍රේලියානු ලැව් ගිනි හේතුවෙන් නිර්මාණය වී ඇති බවත් චිලී කාලගුණ විද්‍යා අංශ ප්‍රධානියා සඳහන් කළා.
කෙසේ නමුත්, මුහුදු මට්ටමෙන් අඩි 6000ක් පමණ ඉහළ අහසේ පවතින මෙම ලැව් ගිනි දුමාරය පොළොවට ආසන්න වීමේ අවදානමක් නොමැති බවයි ඔහු කියා සිටියේ.
ඕස්ට්‍රේලියානු ලැව් ගිනි දුමාරය තම වායුගෝලය ද ආක්‍රමණය කර ඇති බව චන්ද්‍රිකා ඡායාරූපවලින් පැහැදිලි වන්නේ යැයි ආර්ජන්ටිනාව ද ප්‍රකාශ කළා. එය බ්‍රසීලය දක්වා පැතිරිය හැකි බවයි කලාපීය කාලගුණ අංශ සඳහන් කළේ.
පසුගිය සැප්තැම්බරයේ සිට ඕස්ට්‍රේලියාවේ පැතිරෙන ලැව් ගිනි හේතුවෙන් ජීවිත හානි 25ක් වාර්තා වන අතර, මිලියන සංඛ්‍යාත වන සතුන් ද මිය ගියා.
Share This Article