ඕස්ට්‍රේලියාවේ ලැව් ගිනි දකුණු ඇමරිකාවටත් පැතිරෙයි
Tuesday, 07 January 2020 - 8:16 | Views - 693
ඕස්ට්‍රේලියාව පුරා පැතිරෙන මහා ලැව් ගිනි වලින් නික්මෙන ඝන දුමාරය දකුණු ඇමරිකාවේ චිලී සහ ආර්ජන්ටිනා රාජ්‍යයන් වෙත ද පැතිර ඇති බව වාර්තා වනවා.

එම රටවල් පිහිටා ඇත්තේ  ඕස්ට්‍රේලියාවේ සිට කිලෝමීටර් 12,000ක් පමණ දුරකින්.

තම වායුගෝලයේ අපද්‍රව්‍ය සහිත ඝන දුමාරයක් ඇති වී තිබෙන බවත්, එය  ඕස්ට්‍රේලියානු ලැව් ගිනි හේතුවෙන් නිර්මාණය වී ඇති බවත් චිලී කාලගුණ විද්‍යා අංශ ප්‍රධානියා සඳහන් කළා.

කෙසේ නමුත්, මුහුදු මට්ටමෙන් අඩි 6000ක් පමණ ඉහළ අහසේ පවතින මෙම ලැව් ගිනි දුමාරය පොළොවට ආසන්න වීමේ අවදානමක් නොමැති බවයි ඔහු කියා සිටියේ.  

ඕස්ට්‍රේලියානු ලැව් ගිනි දුමාරය තම වායුගෝලය ද ආක්‍රමණය කර ඇති බව චන්ද්‍රිකා ඡායාරූපවලින් පැහැදිලි වන්නේ යැයි ආර්ජන්ටිනාව ද ප්‍රකාශ කළා. එය බ්‍රසීලය දක්වා පැතිරිය හැකි බවයි කලාපීය කාලගුණ අංශ සඳහන් කළේ.

පසුගිය සැප්තැම්බරයේ සිට  ඕස්ට්‍රේලියාවේ පැතිරෙන ලැව් ගිනි හේතුවෙන් ජීවිත හානි 25ක් වාර්තා වන අතර, මිලියන සංඛ්‍යාත වන සතුන් ද මිය ගියා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top