පළමු වරට නිවසක් මිලදී ගැනීමේදී, දිගුකාලීන ණය සහ සහනදායී පොලී අනුපාතයක් ලබාදෙන්න
Tuesday, 07 January 2020 - 8:14 | Views - 1,130
නිවසක් හෝ සුළු ව්‍යාපාරයක් ඉදිකිරීමේදී අදාළ සැලසුම් නිසි පරිදි සකසා ඇත්නම් එය ඊට අනුමැතිය  ලබාදීම එක් දිනෙකදී සිදුකළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

ඉදිකිරීම් සඳහා වූ සැලසුම් අනුමත කිරීමේදී පවතින නීති රීති සහ දීර්ඝ කාලයක් ගත කිරීම හේතුවෙන් ජනතාව දැඩි අපහසුතාවට පත්ව ඇති බව ජනාධිපතිවරයා බලධාරීන්ට ප්‍රකාශ කර ඇති බව සඳහන්.

නාගරික සංවර්ධන, ජල සම්පාදන හා නිවාස පහසුකම් අමාත්‍යාංශය යටතේ ඇති ආයතනයන් හි නිලධාරීන් සමඟ ඊයේ ජනාධිපති කාර්යාලයේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා.

එම සාකච්ඡාවට එක්වෙමිනුයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මෙම උපදෙස් ලබාදී ඇත්තේ.

දැනට අනුමත නොකළ සැලසුම් අනුමත කිරීම සම්බන්ධව නීතිය පිළිබද දැනුමක් ඇති නිලධාරියෙකු පත් කිරීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා උපදෙස් ලබාදී ඇති අතර, අනුකූලතා සහතිකය දිනෙකදී ලබාදීම අනිවාර්ය කර තිබෙනවා.

එමෙන්ම, පළමුවරට නිවසක් ගන්නා අයෙකුට දීර්ඝ කාලීන ණය සහ සහන පොලී ක්‍රමයකට ණය නිකුත් කිරීම පිළිබදව ද එහිදී ජනාධිපතිවරයාගේ අවදානයට යොමු වූ බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ.

මීට අමතරව පළාත් සහ ප්‍රදේශ අනුව පවතින ආයෝජන අවස්ථා හඳුනාගෙන ඒ සඳහා වූ අනුමැතීන් රාජ්‍ය ආයතන මගින්ම සිදුකර ආයෝජන මණ්ඩලයට දැනුම් දීමට පියවර ගැනීමේ ඇති වැදගත්කම ද එහිදී සාකච්ඡාවට  බඳුන් වී තිබෙනවා.

අපද්‍රව්‍ය කළමනාකරණය කෙරෙහි ද විශේෂ අවදානයක් යොමු කළ ජනාධිපතිවරයා කොළඹ අගනගර ආශ්‍රිත අපද්‍රව්‍ය කළමනාකරණය විධිමත් සැලසුමකට ගෙනෙන ලෙසටයි උපදෙස් ලබාදී ඇත්තේ.

මීට අමතරව බේරේවැව පිරිසිදු කිරීමේ ව්‍යාපෘතිය කඩිනමින් ආරම්භ කිරීමට ද මෙම සාකච්ඡාවේදී තීරණය වී තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top