පළමු වරට නිවසක් මිලදී ගැනීමේදී, දිගුකාලීන ණය සහ සහනදායී පොලී අනුපාතයක් ලබාදෙන්න
Tuesday, 07 January 2020 - 8:14 | Views - 1,131

නිවසක් හෝ සුළු ව්‍යාපාරයක් ඉදිකිරීමේදී අදාළ සැලසුම් නිසි පරිදි සකසා ඇත්නම් එය ඊට අනුමැතිය ලබාදීම එක් දිනෙකදී සිදුකළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.
ඉදිකිරීම් සඳහා වූ සැලසුම් අනුමත කිරීමේදී පවතින නීති රීති සහ දීර්ඝ කාලයක් ගත කිරීම හේතුවෙන් ජනතාව දැඩි අපහසුතාවට පත්ව ඇති බව ජනාධිපතිවරයා බලධාරීන්ට ප්‍රකාශ කර ඇති බව සඳහන්.
නාගරික සංවර්ධන, ජල සම්පාදන හා නිවාස පහසුකම් අමාත්‍යාංශය යටතේ ඇති ආයතනයන් හි නිලධාරීන් සමඟ ඊයේ ජනාධිපති කාර්යාලයේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා.
එම සාකච්ඡාවට එක්වෙමිනුයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මෙම උපදෙස් ලබාදී ඇත්තේ.
දැනට අනුමත නොකළ සැලසුම් අනුමත කිරීම සම්බන්ධව නීතිය පිළිබද දැනුමක් ඇති නිලධාරියෙකු පත් කිරීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා උපදෙස් ලබාදී ඇති අතර, අනුකූලතා සහතිකය දිනෙකදී ලබාදීම අනිවාර්ය කර තිබෙනවා.
එමෙන්ම, පළමුවරට නිවසක් ගන්නා අයෙකුට දීර්ඝ කාලීන ණය සහ සහන පොලී ක්‍රමයකට ණය නිකුත් කිරීම පිළිබදව ද එහිදී ජනාධිපතිවරයාගේ අවදානයට යොමු වූ බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ.
මීට අමතරව පළාත් සහ ප්‍රදේශ අනුව පවතින ආයෝජන අවස්ථා හඳුනාගෙන ඒ සඳහා වූ අනුමැතීන් රාජ්‍ය ආයතන මගින්ම සිදුකර ආයෝජන මණ්ඩලයට දැනුම් දීමට පියවර ගැනීමේ ඇති වැදගත්කම ද එහිදී සාකච්ඡාවට බඳුන් වී තිබෙනවා.
අපද්‍රව්‍ය කළමනාකරණය කෙරෙහි ද විශේෂ අවදානයක් යොමු කළ ජනාධිපතිවරයා කොළඹ අගනගර ආශ්රිත අපද්‍රව්‍ය කළමනාකරණය විධිමත් සැලසුමකට ගෙනෙන ලෙසටයි උපදෙස් ලබාදී ඇත්තේ.
මීට අමතරව බේරේවැව පිරිසිදු කිරීමේ ව්‍යාපෘතිය කඩිනමින් ආරම්භ කිරීමට ද මෙම සාකච්ඡාවේදී තීරණය වී තිබෙනවා.
Share This Article