රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ගැන, පාර්ලිමේන්තු විවාදය අද ඇරඹේ
Tuesday, 07 January 2020 - 8:12 | Views - 326
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පසුගිය දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබදව සභාව කල් තැබීමේ විවාදය අද පාර්ලිමේන්තුවේදී ආරම්භ වීමට නියමිතයි.
ඒ, පස්වරු 1ට කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව රැස්වීමෙන් අනතුරුවයි.
මෙම සභාව කල් තබන අවස්ථාවේ විවාදය හෙට දිනයේදීත් පැවැත්වෙන අතර පසුගිය සිකුරාදා පැවති පක්ෂ නායක රැස්වීමේදී එම තීරණයට එළඹුණා.
ඒ අනුව, අද සහ හෙට පස්වරු 6.30 දක්වා මෙම විවාදය පැවැත්වෙනු ඇති. සභාව කල් තැබීමේ විවාදයක් බැවින් මෙහිදී ඡන්ද විමසීමක් අවශ්‍ය නොවන බවට ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය පක්ෂ නායක රැස්වීමේදී එකඟ වී තිබුණා.
Share This Article