ශ්‍රී ලංකාව දෙස ධනාත්මක බලන්නැයි, ජනපති, යුරෝපා සංගමයෙන් ඉල්ලයි
Monday, 06 January 2020 - 19:42 | Views - 782
ආයෝජන මධ්‍යස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව දෙස ධනාත්මක ඇසකින් බලන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ යුරෝපා සංගමයෙන් ඉල්ලීමක් කළා.
ජනාධිපතිවරයා සහ යුරෝපා සංගමය නියෝජනය කරන මෙරට තානාපතිවරුන් අතර හමුවක් අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණා.
එහිදී ශ්‍රී ලංකාවේ මධ්‍යස්ථ විදේශ ප්‍රතිපත්තිය පිළිබදව පැහැදිලි කළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පෙන්වා දුන්නේ ශ්‍රී ලංකාව වැනි කුඩා රටවලට ලොව අනෙකුත් රටවල් හා සමාන වේගයකින් සංවර්ධනය වීමට නම් යුරෝපා සංගමය වැනි කලාපීය සංවිධානවල සහය අවශ්‍ය වන බවයි.
Share This Article