ට්‍රම්ප්ගේ හිසට ඉරානයෙන් ඩොලර් මිලියන 80ක ලංසුවක්
Monday, 06 January 2020 - 18:43 | Views - 1,510
ජෙනරාල් කසෙම් සොලෙයිමානි ඝාතනය කිරීමට අණ දුන් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ හිසට ඉරානය විසින් ඩොලර් මිලියන 80ක ලංසුවක් ඉදිරිපත් කර තිබෙනවා.
මැදපෙරදිග ඉරාන සන්නද්ධ නායකයාගේ අවසන් කටයුතු දස දහස් සංඛ්‍යාත ජනතාවගේ සහභාගීත්වයෙන් ටෙහෙරාන් නුවර දී අද පැවැත්වුණා.
එහි සජීවි විකාශය අතරතුර ඉරාන රාජ්‍ය රූපවාහිනී සේවා ප්‍රකාශ කළේ සොලෙයිමානිගේ ඝාතකයා වූ ජනපති ට්‍රම්ප්ගේ හිසට සෑම ඉරාන ජාතිකයෙකුම ඩොලරය බැගින් පිරිනැමීමට සූදානම් බවයි.
ඒ අනුව මිලියන 80ක් ජනගහනය වෙසෙන ඉරානය ඒ සඳහා ඉදිරිපත් කරන ලංසුව ඩොලර් මිලියන 80ක්.
Share This Article