මඩොල්සිම දී බස් රථයක් ප්රපාතයකට පෙරළී 6ක් මරුට - 30ක් රෝහලේ
Monday, 06 January 2020 - 18:33 | Views - 4,202
පස්සර - මඩොල්සිම මාර්ගයේ 6 කණුව ප්රදේශයේදී බස් රථයක් ප්රපාතයකට පෙරළී අද පස්වරුවේ සිදුවූ අනතුරකින් පුද්ගලයන් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.
පොලීසිය සඳහන් කළේ අනතුරෙන් තවත් පුද්ගලයින් 30කට වැඩි පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි.
මෙලෙස අනතුරට ලක්වූයේ පස්සර සිට ඇකිරියන දක්වා ධාවනය වෙමින් තිබූ ශ්රී ලංගම බස් රථයක්.
Share This Article