7 දෙනෙකුට තුවාල සිදුකළ අනතුරකින් පසු පළා ගිය බස් රථ රියදුරෙකු අත්අඩංගුවට
Monday, 06 January 2020 - 18:18 | Views - 1,424
පුද්ගලයින් 7 දෙනෙකුට තුවාල සිදුකරමින් රිය අනතුරක් සිදුකොට පළාගොස් සැඟව සිටි පෞද්ගලික බස් රථ රියදුරෙකු සිද්ධියෙන් දින 3කට පසු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පසුගිය 3 වන දා මහියංගනය - දළුකාන මාර්ගයේ බතලයාය ප්රදේශයේදී මෙම බස් රථයේ රියදුරු, ටිපර් රථයක් හප්පා අනතුරට ලක් කොට පළා ගොස් තිබුණා.
කෙසේ වෙතත්, බස් රථයේ රියදුරු අද උදෑසන ගිරිදුරුකෝට්ටේ - සිරිපුර ප්රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබුවා.
Share This Article